ඉන්දියානු යටත්විජිතකරණ උපායමාර්ගික සැලසුම් හා ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව: අපට අහිමි කරන ත්‍රිකුණාමලය හා නැගනහිර ජාතික උරුමය

ඉන්දියානු දැඩි ආධිපත්‍යවාදී ජාතික ආරක්ෂක සැලසුම් හා සංකල්ප මුලික කොටගත් ඉන්දියනු සාගර කලාප ආරක්‍ෂක සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම එහි කේන්ද්‍රස්තනයේ පිහිටා ඇත. මෙයට මුලික හේතුව වන්නේ ඉන්දියානු වෙරළ තීරය කිලෝමීටර 11098 දීර්ග උවත් ඉන්දියානු නාවුක බලය යෙදවීමේදී හා සියලු නාවුක ක්‍රියාකරකම්හිදී ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම එයට බාධාවක් වන බැවිනි. එනම් කිලෝමීටර 11098 දීර්ග වූ ඉන්දියානු වෙරළතීරය දෙකඩ වීමට ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හේතුපාදක වීමයි. එසේම ඉන්දියානු නැගෙනහිර වෙරල කලාපය බෙංගාල බොක්ක ආශ්‍රිත ස්වභාවික හේතුන් මත උපායමාර්ගික හා නාවුක වෙළද කටයුතු සදහා වර්ෂය පුරාම සුදුසු නොවන අතර බටහිර වෙරළ තීරයේද ස්වභාවික භූගෝලීය පිහිටීම මත ගැබුරු හා උපායමාර්ගික අතින් පරිපුර්නවූ නාවුක වරායන් නොමැති අතරම නාවුක වරයන් ඉදිකිරිමද අභියෝගාත්මක වී තිබේ. එනම් වරායන් සැලසුම් කිරීම, ඉදිකිරීම සහ නඩත්තු කිරීමේදී ජල විද්‍යාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. එයට ජල ගැඹුර, මුහුදු පතුලේ භූ විෂමතාව සහ වෙරළ තීරයේ උපායශීලී සහ උපායමාර්ගික වටිනාකම, ජල මූලාශ්‍රවල භෞතික ලක්ෂණ ආදී කරුණු සැලකීමේදී  ඉන්දියානු වෙරල තිරයේ නුසුදු වටපිටාව හේතුවෙන්  ස්වභාවිකව එල්ල වී ඇති අභියෝග හා නුසුදුකම්ය.

 

ඉන්දියානු සාගර කලාපයේ ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම හා බැදුණු ස්වාභාවිකවම පිහිටා ඇති ත්‍රිකුණාමල නාවුක  වරාය  සතු ජල ගැඹුර, මුහුදු පතුලේ සුදුසු භූ විෂමතාවයන් සහ වෙරළ තීරයේ උපායශීලී සහ උපායමාර්ගික වටිනාකම, ජල මූලාශ්‍රවල භෞතික ලක්ෂණ ආදී කරුණු සැලකීමේදී ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්තනයේ පිහිටා තිබීම යන කරුණට ප්‍රබලතම හේතුවක් වන මෙය මේ ලෝකය පුරාම සිටින නාවුක විශේෂඥයින් සියල්ල හොඳින් දන්නා උපායමාර්ගික කරුණු වේ.

 

එනම ශ්‍රී ලංකාව යනු ඉන්දියානු සාගරයට පිවිසෙන උපායමාර්ගික නාවුක කේන්ද්‍රස්ථානයයි. තවද ශ්‍රී ලංකාවේ සාගර සුවිශේෂී ආර්ථික කලාපයේ  (EEZ) පරිමාණය, එම කලාපය  පැතිරී ඇති ප්‍රදේශය සේම එම කලාපය සතු  සාගර සම්පත් හා වාණිජ නැව්ගත කිරීමේ සමුද්‍රීය මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාවේ සුවශේෂී කාර්යභාරය ලොව පුර ප්‍රචලිත වේ. සරලව ගත්විට ශ්‍රී ලංකාව බැහැරකොට ඉන්දියාවට ඉන්දියානු සාගරයේ නාවුක බලය තහවුරු කරගැනීම සිහිනයක් පමණක් වන අතර මෙම හේතුව ශ්‍රී ලංකාව කෙරෙහි ඉතා දැඩි ආරක්ෂක කෝණයකින් ඉන්දියාව බැලීමට පොළබවා ඇති අතරම ඉතා දීර්ග කාලයක් පුරා ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත්විජිත ප්‍රාන්තයක් කරගැනීමේ උවමනාවට මෙන්ම ත්‍රිකුණාමලය ස්වභාවික නාවුක වරාය ආශ්‍රිත කලාපය ඉන්දියානු ග්‍රහණයට ගැනීමේ ඉන්දියානු ආරක්ෂක උපායමාර්ගික සැලසුමේ මුලික අවශ්‍යතාවයක්ව පවතී.

 

ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාත ඉන්දියාව විසින් උපායමාර්ගිකව තමන් සතු කරගැනීම හා නැගෙනහිර පළාත යටත් විජිතකරණය කිරීම ඉතා දිර්ගකාලයක් මුළුල්ලේ ක්‍රියත්මක කරනලද සියුම සැලසුමක ප්‍රතිපලයකි.  මේ සදහා ඉන්දියාව ඉන්දිරා ගාන්ධි රජය යටතේ සිට එල්ටීටී දෙමල ත්‍රස්තවාදීන් පුහුණු කිරීම, දෙමල බෙදුම්වාදයට පහසුකම සැපයීම, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී උගුලක හසුකොට ආර්ථික, දේශපාලනික, සමාජීය වශයෙන් හා  ශ්‍රී ලාංකීය දේශපාලනය අවුල් කොට දැමීම, දැඩි රාජ්‍ය තාන්ත්‍රික, ආර්ථික සහ ආරක්ෂක රාමුවකට අප මාතෘභුමිය හිරකොට කොට ගැනීම තුලින් දියත්කරනු ලබන දේශපාලනික, ආර්ථික හා ආරක්ෂක  ආක්‍රමණය මගින් ඉන්දියානු යටත්විජිතවාදී මතවාදය ව්‍යාප්ත කිරීමත් ශ්‍රී ලාංකීය උරුමය හා සංස්කෘතිය මකා දැමීම හරහා දශක ගණනාවක් තිස්සේ සිදු කරන ලද වටලෑමක ප්‍රතිඵලයකි. 1980 ගණන්වල ඉන්දියානු හමුදා මැදිහත්වීමක් ලෙස ආරම්භ වූ මෙම විනාශකාරී උපායමාර්ගික සැලැස්ම මේ වනවිට ආර්ථික ආධිපත්‍යය, රටේ උපායමාර්ගික ලෙස ඉතා ඉහල වැදගත්කමක් ඇති මර්මස්ථානයන් අත්පත් කරගැනීම සහ රටේ ජනතාව අධ්‍යාත්මික වශයෙන් අවතැන් කොට ජාතිකත්වය විනාශකිරීම දක්වා ඉතා සීඝ්‍ර ලෙසත් ආක්‍රමණශීලි ලෙසත් ක්‍රියාත්මක වේ.

 

අද වන විට, ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මෙන්ම රටේ ඇති වටිනාම උපායමාර්ගික ත්‍රිකුණාමල වරාය, ත්‍රිකුණාමලය ආශ්‍රිත බලශක්ති වත්කම් සහ පූජනීය භූමි මත ඉන්දියාව තථ්‍ය පාලනයක් දරමින් සිටින අතර, එය අපරටේ නිදහසට හා ස්වෛරීභාවයට පමණක් නොව ජාතික අනන්‍යතාවයට එල්ලකරනු ලබන බලවත්  තර්ජනයක් සේම අප ජාතික අභිමානය ඉතා නින්දීත ලෙස අභියෝගයට ලක්කිරිමකි.

 

මෙම විශ්ලේශනය සදහා ශ්‍රී ලංකාවේ අගනගරය, අනෙකුත් ප්‍රදේශ හා කොළබ වරාය හා ඒ හා ආශ්‍රිත අනෙකුත් ඉන්දියානු අත්පත් කරගැනීම්, ඩිගිටල් දත්ත අත්පත් කරගැනීම ඇතුලු අනෙකුත් සියලු කරනා සැලකිල්ලට ගෙන  නොමැති අතර එම සියලු කරුණු කැටිකොට විශ්ලේෂණයන් සිදු කර  බැලුවිට අප රට ඉතා දරුණු ලෙස ඉන්දියානු බලපෑමට හා ග්‍රහණයට නැතුව ඇති බව මානව තහවුරු කර ගත හැක.

 

1 වන අදියර: පෙරවදන – ත්‍රිකුණාමලය ඉලක්ක කර ගැනීම (1980 ගණන්)

 

  • ඉන්දියාවේ සැබෑ ඉලක්කය දෙමළ අයිතිවාසිකම් දිනාදීම නොවේ.  එය දකුණු ආසියාවේ හොඳම ස්වාභාවික වරාය වන ත්‍රිකුණාමලයට එක්සත් ජනපදය, චීන, ඊශ්‍රායල හෝ පකිස්ථාන ප්‍රවේශය අවහිර කිරීමට උපායශිලිව දියත්කරනලද කල්ගැනීමේ සැලසුමකි. ඉන්දියානු නාවුක බලය ගොඩනගා ගන්නා තෙක් උතුරු නැගෙනහිර  පළාත දේශපාලනිකව හා ආරක්ෂාව අතින් දිර්ගකාලයක් අස්ථාවර හා දුර්වලකොට තබාගැනීම තුලින් ඉන්දියානු ඉලක්ක සපුරගන්නා ලද ආකාරය අපහට දැන් හොඳින් නිරීක්ෂණය වේ.

 

  • ශ්‍රී ලංකාව මත බලහත්කාරයෙන් පටවන ලද 1987 ඉන්දු-ලංකා ගිවිසුම උතුරු සහ නැගෙනහිර ඒකාබද්ධ කිරීමේ (ප්‍රභාකරන් පවා එයට විරුද්ධ විය) මුලික අරමුණ නැගෙනහිර පළාත තුල ඉන්දියාවේ දිර්ගකාලින සැලසුම් ක්‍රියාත්මක කිරීමේ මුලික පියවර වූ බව මේ වනවිට මානව පැහැදිලිවේ.

 

  • ඉන්දියානු සාමසාදක හමුදාවට විරුද්ධව එල්ටිටි සංවිධානය සටන් කිරිමත් ඉන්දියානු සාමසාදක හමුදාව පිටමන් කිරිම සදහා එවකට පැවති ප්‍රේමදාස රජය මුලිකව ක්‍රියාකිරීමත් හේතුවෙන් ඉන්දියානු සැලසුම් දශක ගණනාවකට ප්‍රමාදකිරිමට සිදුවුවද මේ වනවිට එම ප්‍රමාදයන් නොසලකා හැරීය හැකි වේගයකින් ත්‍රිකුණාමලයේ බලය ඉන්දියාව තහවරු කරගනිමින් සිටි.

 

  • ද්‍රවිඩ ජනතා අපේක්ෂාවන් දිනාදීමේ කුට උපක්‍රමයට මුවවී ඉන්දියාව ත්‍රිකුණාමලය මත උපායමාර්ගික ග්‍රහණයක් ලබා ගත්තේය.

 

 

2 වන අදියර: 2002 සටන් විරාම උගුල හා ඉන්දියානු පසු සැලසුම්

 

  • ප්‍රභාකරන් සහ අගමැති රනිල් අතර සටන් විරාමයකට නෝර්වේ මැදිහත් විය – ඉන්දියාව නිහඬව සහාය දක්වයි.

 

  • ඉන්දියාව සටන් විරාමය භාවිතා කළේ සාමය සඳහා නොව ස්ථානගත කිරීම සඳහා ය.

 

  • අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ඉන්දියාව හමුදා මැදිහත්වීමකින් හා අවදානමකින් තොරව ආර්ථික හා දේශපාලනික වශයෙන් ත්‍රිකුණාමලය වෙත නැවත පිවිසීමට සාමය භාවිතා කළේය.

 

  • ප්‍රභාකරන් හා එල්ටීටීයේ පැවැත්ම නැගෙනහිර ඉන්දියානු බලය දියත්කිරීමට බාධකයක් ලෙස සැලකූ ඉන්දියාව සුනාමි කාලසීමාව තුල එල්ටිටි නායක ප්‍රභාකරන් ඝාතනය කිරීම සදහා ඉන්දියානු විශේෂ රහස් හමුදාවන් යෙදවීම.

 

  • 2006 ඇරබි ශ්‍රී ලංකා හමුදාවන් දියත් කල මානුෂිය මේහෙයුමේදී ඉන්දියාව නිහඬව නමුත් ප්‍රභල ලෙස ප්‍රභාකරන් හා එල්ටීටීය විනාශ කරදැමීමට ශ්‍රී ලංකා රජයට සහාය වෙමින්, තම අවශ්‍යතා සඳහා මාර්ගය පැහැදිලි කළේය.

 

3වන අදියර: උපායමාර්ගික ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භය:

 

  • 2003 දී, අගමැති රනිල් යටතේ ලංකා IOC විසින් ත්‍රිකුණාමලයේ උපායමාර්ගික හා ආර්ථික ලෙස ඉතා වැදගත් තෙල් ටැංකි 14 ක්, දිවයින පුරා ප්‍රධාන අදායම් ඉපයුම් සහිත ඉස්තානයන් හි පිහිටි ඉන්ධන පිරවුම්හල් 150+ ක් සහ ඉන්ධන ආනයන අයිතිවාසිකම් ලබා ගත්තේය.
  • නැවත ආයෝජනයක් හෝ දේශීය ප්‍රතිලාභයක් නොමැතිව ලාභ ඉන්දියාවට ගලා ගියේය.

 

  • වරායන්, නල මාර්ග සහ විදුලිබල ජාලයක් සිතියම්ගත කළේය – නමුත් නියම මොහොත එනතුරු බලා සිටියේය.

 

 

4වන අදියර: පශ්චාත් යුධ ව්‍යාප්තිය (2009–2019)

 

  • ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය ඉවත් වීමත් සමඟ ඉන්දියායනු රෝ ඔත්තු ජාලය ඉතා සීග්‍රයෙන් උතුරැ නැගෙනහිර පළාත තුල වේගයෙන් ව්‍යප්තකොට ඉස්තාපනය කිරීමට හා බලය තහවරු කරගැනීමට ක්‍රියා කිරීම.

 

  • ත්‍රිකුණාමලයේ බලය ඇල්ලීමට බාධාවක් වන නැගෙනහිර පළාතේ ඉස්ථාපිත මුස්ලිම් බලකදවුර; ආර්ථික, දේශපාලන හා ආගමික අන්තවාදය පරාජයකොට දැමීම සඳහා සැලසුම් ක්‍රියාත්මක කිරීම.

 

 

  • දෙමළ සුළු බහුතරයක් වෙසෙන නැගෙනහිර ප්‍රදේශයේ දේශපාලන බලපෑම මත සිංහල ජනතාව පිඩාවට පත්කිරීම මගින් සිංහල ජනතාව නැගෙනහිරින් පිටුවහල් කිරීමට සැලසුම් කිරීම.

 

  • IOC හි ව්‍යපත්තිය තහවුරු කිරීම හා පුළුල් කිරීම.

 

  • චීනය ත්‍රිකුණාමලයට ඇතුළුවීම අවහිර කිරීම.

 

  • අරමුදල් සපයන නිවාස, මාර්ග සහ දුම්රිය මාර්ග – ඉන්දියානු සමාගම් හරහා පමණි.

 

  • අවබෝධතා ගිවිසුම් හරහා ත්‍රිකුණාමලය නාවුක වරාය කලාපය උපායශීලි ලෙස ආවරණය වන පරිදි වේගවත් විදුලිබල සහ ඉන්ධන සැපයුම් පද්ධති හා ඉන්ධන නල මාර්ග ඇතුළු ආයෝජනා කලාප සැලසුම් කිරීම තුලින් කලාපිය බලය තහවරු කර ගැනීම.

 

  • මෘදු ආර්ථික බලය දැඩි ආක්‍රමනශීලි ලෙස දියත් කිරීම.

 

  • නැගෙනහිර පළාත ආශ්‍රිත ඉන්දියානු උපායමාර්ගික සැලසුම් තවදුරටත් රහසක් නොවී එලි පිට ක්‍රියාත්මක කිරීමට තරම් ඉන්දියාව එඩිතර වීම හා ඉන්දියානු රාජතාන්ත්‍රික, දේශපාලනය, ආරක්ෂක හා ආර්ථික බලයට අපරට නතු කරගැනීම.

 

5වන අදියර: අත්පත් කර ගැනීම (2020–2025)

 

  • කොවිඩ් වසංගතය සමග පැමිණි, ශ්‍රී ලංකාවේ දේශපාලනික (මේ සදහා ඉන්දියාවේ මැදිහත්වීම ඇතුළුව)  හා අර්ථික  අර්බුදය වාසියක් කොට ගනිමින් ඉන්දියාව  ශ්‍රී ලංකාවට ස්ථිර සහ  අති බලවත් ලෙස පිවිසීමට මාර්ගය  විවෘත කොට ගැනීම.

 

මෙහි ප්‍රතිඵලයක් ලෙස:

 

  •  ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 න් 75 ක් දැන් ඉන්දියානු පාලනය යටතේ හෝ ඒකාබද්ධ ව්‍යාපාරයක් යටතට ගැනීම.

 

  • සාම්පූර් සූර්ය බලාගාරය (අක්කර 1,000+) ඉන්දියාවේ NTPC විසින් පවත්වාගෙන යාම සදහා ගිවිසුම් ගතවීම.

 

  • ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත කලාපය තුල  ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ CPC සමඟ සම-සංවර්ධනය කිරීම සදහා ගිවිසුම් ගතවීම.
  • යෝජිත ඉන්දියානු ආර්ථික හා කාර්මික කලාපය, බලශක්ති හා ඉන්ධන නල මාර්ගය නැගෙනහිර ශ්‍රී ලංකාව  හා දකුණු ඉන්දියාවේ තමිල්නාඩුවට සම්බන්ධ කිරිමට මුලික පියවර තැබීම.

 

  • ශ්‍රී ලංකාවේ ප්‍රධාන (Core) බලශක්ති සහ වරාය වත්කම් (assets) දැන් ඉන්දියානු පාලනය යටතේ හෝ සම-කළමනාකරණය යටතේ පවතී.

 

සංඛ්‍යාලේඛන අනුව ඉඩම් අත්පත් කර ගැනීම. එනම් හවුල් ව්‍යාපාර, බදු සහ “ආධාර” හරහා, ඉන්දියාව ත්‍රිකුණාමලය සහ සාම්පූර් හි  ඉඩම් අක්කර දහස් ගණනක මෙහෙයුම් තම පාලනයට නතු කොට ගෙන ඇත.

 

ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගොවිපල (TOTF)

  • ඉන්දියානු පාලනය යටතේ ඇති ටැංකි 99 න් 75 ක් හෝ හවුල් ව්‍යාපාර
  • ≈ අක්කර 2,350

 

සාම්පූර් සූර්ය බල ව්‍යාපෘතිය

  • ඒකාබද්ධ NTPC–CEB ව්‍යාපෘතිය
  • ≈ අක්කර 800–1,000

 

යෝජිත ඉන්දියානු කාර්මික කලාපය

  • වරාය/සැපයුම් කටයුතුවලට සම්බන්ධයි
  • ≈ අක්කර 400–600

 

ත්‍රිකුණාමලය වරාය සහ සැපයුම් කලාපය

  • ඉන්දියාව-එක්සත් අරාබි එමීර් රාජ්‍යය-ශ්‍රී ලංකාව ඒකාබද්ධ සංවර්ධනය
  • ≈ අක්කර 2,500–3,000

 

මුළු භූමි ප්‍රමාණය: අක්කර 6,050–7,950

දළ වශයෙන් වර්ග සැතපුම් 10–12. එනම් කොළඹට වඩා විශාල මෙම  භුමි ප්‍රමණය මේවනවිට ඉන්දියානු පාලනයට ඉතා නින්දිත හා බිගුලු ලෙස පවා දී ඇත.

 

අප මාතෘභූමිය හා අපගේ අසරණ ජනතාව තර්ජනයට ලක්ව ඇත්තේ කෙසේද?

  • බලශක්ති යැපීම හා තර්ජනය: සබඳතා නරක අතට හැරේ නම්, ඉන්දියාවට ඉන්ධන, විදුලිය සහ වරාය සේවා කපා හැරිය හැකි අතර, දින කිහිපයක් ඇතුළත ශ්‍රී ලංකාවේ ආර්ථිකය හා ජාතික ආරක්ෂාව අඩපණ කොට විනාශ කොට දැමිය හැකිවේ.

 

  • නිදහස සහ ස්වෛරීභාවය අහිමි වීම: උපායමාර්ගික ඉඩම්, ජාතික සම්පත්, ලශක්තිය, වෙළඳාම සහ වරාය පිළිබඳ අතිශය තීරණාත්මක කරුණු ශ්‍රී ලංකාවේ නායකයින්ගෙන් විදේශීය අවබෝධතා ගිවිසුම් හරහා ඉන්දියානු දේශපාලන හා ආරක්ෂක බලාධිකාරිය වෙත මාරු වේ.

 

  • සිමාන්විත ආර්ථික: ඉන්දියානු බලාධිකාරිය යටතේ පවතින නොවැදගත් ප්‍රවේශය අඩු රැකියා කිහිපයක් සහ දේශීය අදහස් නොමැති ඉන්දියානු පාලනය යටතේ ක්‍රියාත්මක ආර්ථිකයක් බවට පත්වීමේ අවදානමක් ඇත.

 

  • මිලිටරි තර්ජනය: ද්විත්ව භාවිත බලශක්ති ව්‍යාපෘති මගින් ත්‍රිකුණාමල නාවුක කදවුර ආශීරිත නිරීක්ෂණ හෝ නාවික කඳවුරු වෙත ගොඩ බිම් ප්‍රවේශ ආවරණය කළ හැකිය.

 

  • උපායමාර්ගික හා අධ්‍යාත්මික පාඩුව: ද්විත්ව යටත් විජිතකරණයක් – ජාතික අනන්‍යතාවය සහ පූජනීය උරුමයන් මකා දැමීම.

 

ත්‍රිකුණාමලය යනු භූමිය පමණක් නොවේ – එය ශ්‍රී ලංකාවේ පැවැත්ම, ආරක්ෂාව, ආර්ථිකය බලය මුලික කොටගත් අතිශය වැදගත් ජාතික උරුමයකි.

ත්‍රිකුණාමලය යනු දකුණු ආසියාවේ යුදමය වශයෙන් ඉන්දියනු සාගර කලාපයේ නවුක බලය තහවරු කරගැනීමට අත්‍යවශ්‍ය මර්මෂ්තානයකි.

 

ත්‍රිකුණාමලය පිහිටි අපගේ උපස්ථ තෙල් ටැංකි සංකීර්ණය හා  සංචිත, සූර්ය බලශක්තිය, වරාය සහ කර්මාන්ත සියල්ල ඉන්දියාවේ දිගුකාලීන ග්‍රහණයට යටත් වේ.

 

ඉන්දියාව සතරු වූ දිනෙක අපගේ නැගෙනහිර පළාතේ පාලනය, ආර්ථිකය, බලශක්ති හා නාවුක බලය සීමාසහිත විය හැක.

 

පවතින භූ-රාජ්‍ය හා භූ-දේශපාලනික වාතාවරණය මත බටහිර ගැති ඉන්දියාව  ඉන්දියානු සාගර කලාපය මුලිකකොට ගනිමින් තෙවන පාර්ශවයක් හා ගැටුමක් ඇති වුවහොත්, ඉන්දියාව ත්‍රිකුණාමලය නාවුක සැපයුම් සදහා භාවිත කිරිම සිමා කිරීමේ ගැටළු ඇතිවීම හරහා  ශ්‍රී ලංකාව යුද ගැටුමකට මැදිවීමට ඉඩ ඇත.

 

මේ අනුව නැගෙනහිර පළාතේ බල කේන්ද්‍රය වන ත්‍රිකුණාමලයේ පාලනය අපගෙන් ගිලිහි යාමට බොහෝ සේ ඉඩ ඇත.

 

 

නැගෙනහිර ශ්‍රී ලංකාව හා පූජනීය බෞද්ධ උරුමය

 

ත්‍රිකුණාමලය නාවුක  වරාය, සාම්පූර් බලශක්ති කේන්ද්‍රය හා නැගෙනහිර පළාත ආර්ථික කලාපවලට වඩා වැඩි ජාතික වටිනාකමක් හෙබවන්නේ අපගේ ඉතිහාසයට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ හදවත වන වසර 2,300 කට වඩා පැරණි ජාතික උරුමයන් වූ නටබුන් අතිවිශාල ප්‍රමාණයක්ද, ඉපැරණි විහාර සහ පූජනීය ස්ථාන වලින් සමන්විත වීම හේතුවෙනි.

 

 

 

ගිරිහඬු සෑය — ශ්‍රී ලංකාවේ පළමු දාගැබ

  • ත්‍රිකුණාමලයට උතුරින් තිරියාය හි පිහිටා ඇති මෙය ශ්‍රී ලංකාවේ පැරණිතම ස්තූපයයි.
  • බුදුන් වහන්සේගේ ජීවිත කාලය තුළ ඉදිකරන ලද්දේ උන්වහන්සේගේ පළමු ගිහි ගෝලයන් වන තපස්සු සහ භල්ලුක යන වෙළඳ සහෝදරයන් විසිනි.
  • මුලාශ්‍ර අනුව , බුදුන් වහන්සේ ඔවුන්ට කේශ ධාතු ලබා දුන් අතර, ඒවා ඔවුන් දේශීය උපකාරයෙන් මෙහි තැන්පත් කළහ.
  • මෙම ස්ථානය මහින්ද හිමියන්ගේ පැමිණීමට සහ අනුරාධපුරයේ නිල බෞද්ධ ආගමනයට වසර 250 කට පෙර සිට පැවත එන්නකි.

 

 

නැගෙනහිර ශ්‍රී ලංකාවේ අනෙකුත් බෞද්ධ උරුම ස්ථාන

 

  • සේරුවිල මංගල රජ මහා විහාරය – පූජනීය බුද්ධ ධාතු තැන්පත් කර ඇති ස්තූපය
  • වෙල්ගම් වෙහෙර (ත්‍රිකුණාමලය අසල) – ඓතිහාසික බෞද්ධ ආරාමයක්
  • දීඝවාපි (අම්පාර) – බුදුන් වහන්සේ වැඩම කරනලදී.
  • කණිකාරවෙලිකා සමුද්ධ මහා විහාරය (කුච්චේවේලි) – පුරාණ පාලි ග්‍රන්ථවල සඳහන් වේ
  • ගෝකණ්ණ විහාරය – පෘතුගීසීන් විසින් විනාශ කරන ලද ත්‍රිකුණාමල වරායේ පිහිටි පුරාණ විහාරස්ථානයකි.
  • බෞද්ධ උරුමය මකා දමා ස්ථාපිත කෝනේශ්වරම් හින්දු කෝවිල.
  • ලංකාපටුන විහාරය – බුදුන්ගේ දළදා වහන්සේ සහිත හේමමාලා කුමරිය පැමිණි ස්ථානය (ක්‍රි.ව. 4 වන සියවස)
  • නීලගිරි මහා සෑය (ලාහුගල) – නැගෙනහිර විශාලතම ස්ථූපවලින් එකකි.
  • සෙඹිමලේ රජ මහා විහාරය – පුරාණ භාවනා අසපු ජාලයේ කොටසකි
  • බුද්ධංගල ආරණ්‍ය සේනාසනය (අම්පාර) – වසර 1,500+ අඛණ්ඩ පවත්වාගෙන ආ සක්‍රීය ආරණ්‍ය සේනාසනය
  • කිලිවෙඩ්ඩි සිරිවඩ්ඩන බෝධිය (සේරුවිල) – පූජනීය බෝධිය
  • ක්‍රි.පූ 256 සියවසේදී දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද කුඩුම්බිගල අරණ්‍ය සේනාසනය.

 

  • මුහුදු මහා විහාරය (පොතුවිල්) – වසර 2,000+ කට පෙර කාවන් තිස්ස රජු විසින් ඉදිකරන ලදී.
  • මගුල් මහා විහාරය (ලාහුගල, අම්පාර) – කාවන්තිස්ස රජුගේ පාලන සමයට (ක්‍රි.පූ. 205-161)

 

බහු සංස්කෘතිකත්වයේ මුවාවෙන් බෞද්ධ ඉතිහාසය මකා දමමින්, ඒවා නැවත වර්ගීකරණය කිරීමට හෝ හින්දු කෝවිල් බවට පරිවර්තනය කිරීම හි නිරත වීම නැගෙනහිර පළාත තුල නිරන්තරයෙන් සිදු වෙමින් පවතී.

 

බොහෝ සෙල්ලිපි, නටබුන් සහ ලෙන් විහාර දෙමළ ජනාවාස ඉදිවීමට බොහෝ කලකට පෙර මෙහි නොබිඳුණු බෞද්ධ ශිෂ්ටාචාරයක් හා  පැවැත්මක් ඇති බව සනාථ කරයි.

 

නැගෙනහිර පළාත හා එහි උරුමයන් ආරක්ෂාකිරීම ව්‍යවස්ථානුකූලව පැවරී ඇති ජාතික වගකීමක් වන්නේ කෙසේද?

  • ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය බුද්ධාගමට ප්‍රමුඛ ස්ථානය ලබා දෙන අතර බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට රජය රටේ මහජනතාව වෙත නිත්‍යානුකුලව බැඳී සිටී.

 

  • 16(1) වගන්තිය බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන නීති ඇතුළුව ලිඛිත සහ ලිඛිත නොවන සියලුම නීති වලංගුව පවතින බව සහතික කරයි.

 

  • ත්‍රිකුණාමලය සහ නැගෙනහිර පළාත උපායමාර්ගික හෝ ආර්ථික ක්ෂේත්‍ර පමණක් නොවේ; ඒවා ජාතියේ බෞද්ධ අනන්‍යතාවයට පූජනීයයි.

 

  • මෙහි බුද්ධ ශාසනය හා ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම ව්‍යවස්ථාමය උල්ලංඝනයක් විය හැකිය අතරම එය හුදෙක් දේශපාලන නොසැලකිල්ල නොවේ.

 

 

නැගෙනහිර පළාතේ ශ්‍රී ලංකික ජාතික උරුමයට ඇති තර්ජන:

 

  • ඉන්දියාව ප්‍රමුඛව දියත් කිරීමට නියමිත සංවර්ධන ක්‍රියාදාමයන්  අවදානම් හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් හට අතිශය වැදගත් මුලෝපායීය භුමි වලින් හා  පූජනීය භූමිවලින් බැහැර කරනු ලැබීමට අවකාශ සැලසීම, විශේෂයෙන් ත්‍රිකුණාමලය සහ සාම්පූර් අර්ධ ස්වෛරී වාසස්ථාන බවට පත් වුවහොත්.

 

  • පරීක්ෂා නොකළ විදේශීය යටිතල පහසුකම් සහ නල මාර්ග හේතුවෙන් කාලයත් සමඟ ආරක්ෂිත බෞද්ධ ස්ථාන හා අතීත උරුමයන් ආක්‍රමණය කිරීමට, නොසලකා හැරීමට හෝ මකා දැමීමට ඉඩ ඇත. මේ වනවිටද විදේශ ආක්‍රමණ නොමැතිවද නැගෙනහිර බෞද්ධ උරුමයන් අන්තවාදීන්ගේ ක්‍රියා හේතුවෙන් විනාශයට හා ආක්‍රමණයට නතු වී අත.

 

  • දෙමළ නිජබිම් සංකල්පය මුලික කොටගත් ජාතිවාදී හිමිකම් සහ විදේශ අරමුදල් සහිත “සංහිඳියාව” ව්‍යාපෘති හරහා ජනවිකාස (demography alteration) සහ දේශපාලන ඉංජිනේරු විද්‍යාව නැගෙනහිරින් සිංහල-බෞද්ධ උරුමයන් අතුගා දැමීමට මුලික වී ඇත.

 

  • උග්‍ර හින්දු ජාතිකවාදියෙකු වන ඉන්දියාවේ අගමැති බුද්ධාගම කෙරෙහි සංකේතාත්මක ගෞරවය පෙන්වා ශ්‍රී ලංකාවේ බෞද්ධ හදවත ඛාදනය කරන ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි අතරම බුද්ධාගම හා අප උරුමයන් කෙරෙහි එල්ලවිය හැකි මෙම තර්ජන වසං කළ නොහැක.

 

මෙහිදී වඩාත් සැලකිලිමත් වියයුතු තර්කය වන්නේ ඉන්දියානු රජයේ නැගෙනහිර පළාත සම්බන්දයෙන් වන යටි අරමුණු හොඳින් තේරුම් ගැනීමයි. මෙම ඉන්දියානු අරමුණු මේ වනවිට එළිපිට ප්‍රකාශ වී ඇති අතරම එම අරමුණු සපල කරගැනීම සදහා වඩාත් ආක්රමණශීලී විදේශ, ආර්ථික, දේශපාලන හා ආරක්ෂක ප්‍රතිපත්තීන් ඉන්දියාව විසින් එලි දක්වා ඇත.

 

ඒ අනුව නැගෙනහිර, උතුරු සහ වයඹ පළාත් මුලික කොටගත් ඉන්දියාවේ ආයෝජන ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම මුලික කොටගත් බවට හැගියන පරිදි ක්‍රියාත්මක කිරීමේ ප්‍රයත්නයක නිරත උවද  විදේශ, ආර්ථික හා  ආරක්ෂක  ප්‍රතිපත්ති  විශ්ලේෂකයන්ට වඩාත් හොදින්  නිරීක්ෂණය වන්නේ උපක්‍රමානුකුලව ශ්‍රී ලංකාව ඉන්දියානු ජාතික ආරක්ෂක ප්‍රතිපතියේ උවමනාවන් ඉටුවන ආකාරයෙන් දකුණු ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලයට සෘජු සැපයුම් ප්‍රවේශය සහතික කරන උපායමාර්ගිකව සැලසුම් කළ මිලිටරි (ගොඩබිම් හා නාවුක) කොරිඩෝවක් ඉස්තාපනය කිරීමයි.

 

මෙම කරුණු සලකා බලන්න:

 

  • තමිල්නාඩුවේ රාමේෂ්වරම් සිට තලේමන්නාරම  දක්වා කිලෝ මීටර 8. (ඉන්දියාව සංවර්ධනය කිරීමට උපකාරී වන නව මාර්ග මගින්).

 

  • තමිල්නාඩුවේ තන්ජාවුර් සිට යාපනය දක්වා කිලෝ මීටර (ඉන්දියාව සංවර්ධනය කිරීමට උපකාරී වන නව මාර්ග මගින්)
  • යාපනයේ සිට ත්‍රිකුණාමලය දක්වා කිලෝමීටර 233 (ඉන්දියාව සංවර්ධනය කිරීමට උපකාරී වන නව මාර්ග මගින්)
  • කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා – කිලෝමීටර 265 (මාර්ගයෙන්)
  • කොළඹ සිට යාපනය දක්වා – කිලෝමීටර 403 (මාර්ගයෙන්)

 

මේ අනුව ඉදිරියේදී කොළඹ අගනුර සිට ත්‍රිකුණාමලයට හෝ  යාපනයට ලගා වනවාට වඩා  වැඩි වේගයකින් හා අඩු කාලයකින් ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලයට හා යාපනයට ඉන්දියාවේ සිට ළඟ වියහැකි වේ. මෙහිදී කොළබ වරාය හෝ ගුවන් තොටුපළ භාවිතයකින් තොරව කන්කසන්තුරය, තලේමන්නාරම හා ත්‍රිකුණාමලය හරහා ලංකාවට ඉදුරාම ඉන්දියාවේ සිට ගොඩබැසිය හැකි අයුරින් ගොඩබිම් මාර්ග පද්ධති, වරයා හා ගුවන් පත ඉදිවෙමින් හෝ වැඩි දියුණු කරමින් පවතී.

 

ඉන්දියානු යටත්විජිතවාදී ආක්‍රමනිය  උපායමාර්ගික සැලසුමින් ශ්‍රී ලංකාව ආරක්ෂා කරගැනීම සඳහා දේශපාලන බල අධිකාරිය කඩිනමින් කළ යුතු දේ:

 

  • ඉන්දියානු අවබෝධතා ගිවිසුම් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුල සභා ගතකොට විගණනය කර නැවත සාකච්ඡා කිරීම
  • ඉන්ධන, වරාය සහ බලශක්ති ගනුදෙනු වල ජාතික කොන්දේසි යථා තත්ත්වයට පත් කිරීම.

 

  • CPC ධාරිතාව නැවත ගොඩනැගීම – IOC මත යැපීම අවසන් කිරීම.

 

  • ඒකාධිකාරී බදු අවසන් කිරීම – ත්‍රිකුණාමල ටැංකි ගොවිපලවල් සහ වරායන් පාලනය නැවත ලබා ගැනීම.

 

  • දේශීය ප්‍රතිලාභ සහතික කිරීම – ලාභ බෙදා ගැනීම, දේශීය බඳවා ගැනීම සහ ජාතික අධීක්ෂණය බලාත්මක කිරීම.

 

  • ඉන්දියාව මුලික කොටගත් ආරක්ෂක හා ආර්ථික ආයෝජන වෙනුවට විකල්ප වඩාත් සාධනීය ආයෝජන පහසුකම් ගෙන්වා ගැනීම සඳහා වෙනත් ශ්‍රී ලංකාවට මිත්‍රශීලි විදේශ රජයන් හා සම්භන්ද වීම.

 

  • නොබැඳි ප්‍රතිපත්තියකට නැවත පැමිණීම – ශ්‍රී ලංකාව ඉන්දියාවේ යටත්විජිත වාදී ප්‍රාන්තයක් හෝ එක්සත් ජනපද අතකොලුවක් වීම වළක්වා ගැනීම.

 

ඉන්දියානු  හවුල්කාරිත්වය හා ආයෝජන හුදු මායාවක් හා නව යටත්විජිත වාදී සංකල්ප මුලික කොට ගත් කලාපිය තර්ජනයකි.

ඉන්දියාවේ ගෝලීය හැසිරීම පෙන්නුම් කරන්නේ එය ප්‍රධාන බලවතුන් විසින් පවා විශ්වාස කළ නොහැකි බවයි. 2025 අගෝස්තු 1 වන දින සිට, එක්සත් ජනපදය ඉන්දියානු භාණ්ඩ සඳහා 25% ක තීරුබදුවක් පනවනු ඇති අතර, රුසියාව සමඟ වෙළඳාම සඳහා අමතර දඩ මුදල් අය කරනු ඇත (රොයිටර්, 2025 ජූලි 30). ඉන්දියාව එක්සත් ජනපදය සමඟ ඇති බැඳීම් කඩ කළහොත්, ශ්‍රී ලංකාව අපගේ වරාය, බලශක්තිය සහ පූජනීය ඉඩම් සම්බන්ධයෙන් එය විශ්වාස කරන්නේ කෙසේද?

 

ශ්‍රී ලංකාව දේශපාලනිකව ස්වාධීනව පැවතිය හැකි නමුත්, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගතහොත් ඉන්දියාවේ ආර්ථික යටත් විජිතයක් බවට පත්වීමේ අවධානමක් ඇත.

 

ත්‍රිකුණාමලය අහිමි වුවහොත්, ශ්‍රී ලංකාවේ නිදහස හුදු සංකල්පයක් පමණක් බවට පත්වේ.

එබැවින් දුරදක්නා නුවනින්, ඉන්දියානු අරමුණු, විදේශ, ආරක්ෂක හා ආර්ථික ප්‍රතිපත්ති දෙස නැවත සිහි නුවනින් හැරී බැලීමත්, ශ්‍රී ලාංකීය රාජතාන්ත්‍රික භාවයේ     පරිණතභාවය උරගා බැලිම තවදුරටත් තේරීමක් නොව  එය අවශ්‍යතාවයක් බවට පත්කර ගැනීමත් හුදු දේශපාලන එදිරිවාදිකම් පසෙකලා ඉන්දියානු යටතවිජිත වාදී අරමුණු පරාජය කොට අප මාතෘ භුමිය රැක ගැනීමත් ඔබහට රාජ්‍ය පාලනය සදහා අවසර දුන් අසරණ ශ්‍රී ලංකික ජනතාවගේ ඒකායන අරමුණ වේ.

 

 

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *